2011-12-06

වර්ඩ් වල සිංහල ලියන්න ගියාම කොරද..ඉක්මනට ලේසියෙන් සිංහල ලියමුද.

හ්ම්ම්ම්ම් කස්ටියට කොහොමද.දවස් ගානකට පස්සේ හිතුන බ්ලොග් එකට පොස්ට් එකක් දන්න.වැඩේට බහිමු එහෙනම්.
මම දැන් කියල දෙන්න හදන්නේ කොහොමද අපි ලේසියෙන්ම වර්ඩ් ඩොකියුමන්ට් එකකට සිංහල ෆොන්ට් දාගන්නේ කියල.ගොඩක් ය ඔෆිස් වලින් වැඩ ගත්තට සිංහල වචන ටිකක් ලියාගන්න පැය ගානක් යනවනේ.ලේසියෙන්ම සිංහල ලියුමක් වර්ඩ් වල ලියන්නේ මෙහෙමයි.
කස්ටිය සිංහල ෆොන්ට්ස් දන්නේ නැති උනාට සින්ග්ලිස් එහෙමනම් හොදට දන්නවා ඇතිනේ.මොකද උදේ ඉදන් රෑ වෙනකම් අතේ ඇගිලි රිදෙනකම් ෆෝන් එකේ සල්ලි ඉවරවෙනකම් ඔයාගේ ලවර් එක්ක SMS කොටන්නේ ෆුල් කඩ්ඩෙන් නෙමේනේ..අන්න ඒ හැකියාව තම අපි මේ වැඩේට බාවිතා කරන්නේ.ඔයාල දන්නවනේ ගුගල් මාමල නැන්දල අපිටත් ට්‍රාන්ස්ලෙටින්ග් සිස්ටම් එකක් හදල තියෙනව කියල.
ඒ තමා ගුගල් සිංහල ට්‍රාන්ස්ලේටර්..මේකෙන් වෙන්නේ අපි ලියන සිංග්ලිෂ් වචන වල සිංහල වචනෙ ඩිස්ප්ලේ  වෙන එක.උදාහරණයක් ගත්තොත්."මම ගෙදර ඉන්නේ පැටියෝ" කියල අපි කියනවනම් ඕක ඉතින් කඩ්ඩෙන් I'm at home Baby  කියන්නේ නැනේ.කියන්නෙම "mama gedara patiyo". කියලනේ ...
අන්න ඒ වගේ අපි ලියන වචන ලස්සනට සිංහලට හැරවෙන ඔන්ලයින් ට්‍රාන්ස්ලෙටින්ග් සිස්ටෙම් එකක් තමා ගුගල් සිංහල ට්‍රාන්ස්ලේටර් කියන්නේ.ඉස්සෙල්ලම පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් එතනට යන්න.

දැන් ඔයාල බලයි මන් මේ මොනාද කරන්න හදන්නේ කියල.මේ ට්‍රාන්ස්ලෙටින්ග් සිස්ටම් එක අපි දන්නවනේ කියල හිතයි.ඔව් මම දන්නව ඔයාල මේ සයිට් එක ගැන දන්නවා කියල..එත් ඔයාල නිකමට හිතුවද මෙච්චර ලේසියෙන් එන්ග්ලිෂ් වචන සිංහල කරගන්න පුළුවන් ක්‍රම තියනකොට වර්ඩ් වල අකුරු හොයන්න ඇයි අපි මේ තරම් මහන්සි වෙන්නේ කියල...
ඇයි අපිට බැරි මේ ලියන වචන අපේ වර්ඩ් ඩොකියුමන්ට් එකට දාගන්න.නැහැ බැරි නැ...එක තමා මම කියන්න හදන්නෙත් අපිට අමාරුවෙන් සිංහල අකුරු හොයා හොයා ටයිප් කර කර ඉන්නවට වඩා මේ ක්‍රමේ කොච්චර ලේසිද කියල බලන්න.කරන්න තියෙන්නේ අපිට වර්ඩ් ඩොකියුමන්ට් එකේ ලියන්න ඕන ටික මේ සයිට් එකේ ලියල ඒ ටික කොපි කරලා අපේ ඩොකියුමන්ට් එකට පේස්ට් කරන එක විතරයි.
බලන්න කොච්චර ලේසිද  කියල.එහෙනම් ඔයාලත් අත්හද බලන්නකෝ.මම හිතනවා ටයිපින් සයිඩ් එකේ වැඩ කරන කස්ටියටනම් මේක ෆට්ට පොස්ට් එකක් වෙයි කියල.එහෙනම් මම යන්නම්.සැමට සුබ දවසක් .





1 comments:

Anonymous said...

රසිකගේ තනි ඇස: වර්ඩ් වල සිංහල ලියන්න ගියාම කොරද..ඉක්මනට ලේසියෙන් සිංහල ලියමුද. >>>>> Download Now

>>>>> Download Full

රසිකගේ තනි ඇස: වර්ඩ් වල සිංහල ලියන්න ගියාම කොරද..ඉක්මනට ලේසියෙන් සිංහල ලියමුද. >>>>> Download LINK

>>>>> Download Now

රසිකගේ තනි ඇස: වර්ඩ් වල සිංහල ලියන්න ගියාම කොරද..ඉක්මනට ලේසියෙන් සිංහල ලියමුද. >>>>> Download Full

>>>>> Download LINK

Post a Comment